ස්ටීවන් ස්මිත් ටෙස්ට් පිතිකරු දර්ශකයේ මුල් තැනට

Tuesday, 17 September 2019 - 20:01

%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
අළු බඳුන ටෙස්ට් තරගාවලියේදී විස්මිත දස්කම් දැක්වූ  ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිකුත් කළ නවතම දර්ශකයට අනුව ඔහු ප්‍රසාද ලකුණු 937 ක් ලබා පෙරමුණ ගෙන ඇති අතර, මෙතෙක් එම ස්ථානය හිමිකරගෙන සිටි ඉන්දීය නායක විරාට් කෝලිට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 903 ක් පමණයි.

අළු බදුන තරගාවලිය ආරම්භවීමට පෙර ස්ටීවන් ස්මිත් ටෙස්ට් පිතිකරු දර්ශකයේ හතරවන ස්ථානයේ පසුවුනා.

තරගාවලිය තුළ ඔහු ද්විත්ව ශතකයක්, ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමඟ ලකුණු 774 ක් රැස් කරගත්තා.

අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිවී ඇත්තේ  ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කුමින්ස්ටයි.

අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ මුල් ස්ථාන 10 ට ඇතුලත් වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ පිතිකරු දර්ශකයේ 9 වන ස්ථානය හිමිකරගෙන සිටින දිමුත් කරුණාරත්නයි.