බංග්ලාදේශ ‘‘ඒ’’ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

Wednesday, 18 September 2019 - 13:36

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E2%80%98%E2%80%98%E0%B6%92%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
බංග්ලාදේශ ‘‘ඒ’’ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔක්තෝම්බර් 13 වනදා දක්වා මෙරට රැඳී සිටින ඔවුන් ශ්‍රී ලංකා ‘‘ඒ’’ කණ්ඩායම සමඟ සිව් දින තරඟ දෙකකට, එක්දින තරඟ 3 කට, ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු සිව්දින තරඟය ලබන සඳුදා කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර, ලබන 30 වනදා දෙවන සිව්දින තරඟය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

එක්දින තරඟ හම්බන්තොට - සූරියවැව සහ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතයි.