විස්සයි විස්ස ප්‍රථම ස්ථානයට විරාට් කෝලි

Thursday, 19 September 2019 - 13:27

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92
පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානයට පැමිණීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි ඊයේ සමත් වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති තරඟයේදී කෝලි පන්දු 52කදී ලකුණු 72ක් ලබාගත් අතර ඒ අනුව ඔහු පන්දුවාර විස්සයි විස්ස තරඟ 71කදී ලකුණු 2441ක් ලබා ගනිමිනුයි මෙලෙස වැඩිම ලකුණුලාභීන් අතර ඉදිරියට පැමිණ ඇත්තේ.

එහි දෙවන ස්ථානයේ ඉන්දියාවේ රෝහිත් ශර්මා සහ තුන්වන ස්ථානයේ නවසිලන්තයේ මාටින් ගප්ටිල් පසුවනවා.