ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා විස්සයි විස්ස කාන්තා කණ්ඩායම නම් කෙරේ

Saturday, 21 September 2019 - 12:56

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කාන්තා කණ්ඩායම් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධනට හිමි වී ඇති අතර, විස්සයි විස්ස කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ චමරි අතපත්තු විසින්.

කෙසේ නමුත්, චමරි අතපත්තු කණ්ඩායම් දෙකටම ඇතුළත්වීම විශේෂත්වයක්.

එමෙන්ම, අයි.සී.සී. විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසු යශෝධා මෙන්ඩිස් කණ්ඩායම් දෙකටම කැදවා ඇති අතර, දකුණු අප්‍රිකානු සහ එංගලන්ත තරගාවලි සඳහා සහභාගි නොවූ අමා කාංචනා ද කණ්ඩායම් දෙකටම ඇතුළත්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ හෙට  ඕස්ට්‍රේලියාව බලා නික්මෙන අතර, පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය 29 වන දා සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිළ සමඟ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගි වනවා.