ආරක්ෂාව ගැන තෘප්තිමත් - ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු කියයි

Thursday, 26 September 2019 - 13:15

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%98%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%AB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් පවසනවා.

එරට සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති බවයි.

පකිස්ථානය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර, පළමු එක්දින තරගය හෙට පැවැත්වෙන්නේ කරච්චි හිදියි.