ඉන්දීය ක්‍රිකට් නව සභාපති - ගංගුලි

Monday, 14 October 2019 - 19:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නිතරඟයෙන් පත්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අද අනාවරණ කළා.

ලබන 23 වන දා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණය පැවැත්වෙන අතර, ඒ සඳහා නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වූ අද 47 හැවිරිදි ගංගුලි සභාපති ධුරය සඳහා අයදුම් කර තිබෙනවා.

ඔහු දැනට බෙංගාල ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයායි.