නේපාලය සහ සිම්බාබ්වේ යළි අයි.සී.සී.යට

Monday, 14 October 2019 - 21:31

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7
පාලක මණ්ඩලවලට රජයේ බලපෑම් පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් නෙරපනු ලැබූ සිම්බාබ්වේ සහ නේපාලය වෙත යළි සාමාජිකත්වය ලබාදීමට අයි.සී.සී.ය තීරණය කර තිබෙනවා.

ඒ, ඩුබායි හිදී ඊයේ අවසන් වූ අයි.සී.සී. පාලක මණ්ඩලයේ රැස්වීමේදියි.

තහනම ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි සිම්බාබ්වේ සහ නේපාල ක්‍රිකට් පාලක මණ්ඩල පිළිගනු ලැබූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.