හිටපු ක්‍රීඩකයින්ගෙන් විස්සයි විස්ස තරගයක් ලබන වසරේ

Wednesday, 16 October 2019 - 8:05

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A
හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙන් තෝරාගත් පිරිසක් එක්ව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ලබන වසරේ පෙබරවාරි 2 වනදා සිට 16 වනදා දක්වා මෙම තරගය පැවැත්වෙන අතර, එරට මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය සිදු  කෙරෙනු ඇති.

එම තරගය සඳහා හිටපු සුපිරි ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  මුත්තයියා මුරලිදරන් සහ ටී.එම්. ඩිල්ෂාන් එක්වනවා.