ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයට හොද කණ්ඩායමක් නිර්මාණය කිරීම තම බලාපොරොත්තුව බව මාලිංග කියයි

Friday, 18 October 2019 - 13:10

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කවුරුන් නායකත්වයේ කටයුතු කළද 2020 පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉතා හොඳ ක්‍රීඩකයින් පිරිසක් නිර්මාණය කරදීම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ  ඕස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ලසිත් මලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඉරිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දෙරට අතර පළමු පන්දු වාර විස්ස තරඟය ලබන 27 වනදා ඇඩිලේඞ් හිදී පැවැත්වෙනවා.