බංග්ලාදේශ ක්‍රිකට් තරු තරඟ වර්ජනයකට සැරසේ

Monday, 21 October 2019 - 19:52

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තරග වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැදවා ඇති අතර, ඊට ජාතික කණ්ඩායම් නියෝජනය කරන ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මාසයේදී ගත් තීරණයක් නිසා තම ආදායම පහළ ගොස් ඇති බවටයි ක්‍රීඩකයන් චෝදනා කරන්නේ.

එසේම, පළමු පෙළ තරගවලට සහභාගි වන ක්‍රීඩකයින්ට ගෙවනු ලබන තරග ගාස්තුව ඉහළ නොදැමීමට ගෙන ඇති තීරණය ද විරෝධතාවයට තවත් හේතුවක්.

ක්‍රීඩකයන් තරග වර්ජනය කළහොත් එය ලබන මාසයේ පැවැත්වෙන ඉන්දීය තරග සංචාරයට ද බලපෑම් එල්ල කරනු ඇති බව ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා.