ලෝක රග්බි කුසලානයේ තුන්වන තැන නවසීලන්තයට

Friday, 01 November 2019 - 16:48

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ තුන්වන ස්ථානය හිමිකර ගැනීමට නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම අද සමත් වුණා.

ඒ වේල්සය ලකුණු 40 ට 17 ක් ලෙස පරාජයට පත් කරමින්. මෙවර නවසීලන්තය ලෝක කුසලාන තරඟාවලියට පිවිසුණේ 3 වන වරටත් එම ශූරතාව දිනා ගැනීමේ අටියෙන්.

එහෙත්, ඔවුන් අවසන් පූර්ව වටයේදී එංගලන්තය වෙතින් 19ට 7 ක් ලෙස පරාජයට පත්වුණා.

මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර, යොකොහමා නුවරදී හෙට පැවැත්වීමට නියමිතයි.