සාග් රන් පදක්කම් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අද නේපාලයට

Friday, 29 November 2019 - 8:29

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%2C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද නේපාලයේ කත්මණ්ඩු නුවර බලා නික්මෙනවා.

දෙසැම්බර් 1 වන දා ආරම්භ වන මෙවර සාග් ක්‍රීඩා උළෙල සඳහා දකුණු ආසියානු රටවලට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 3228ක් සහභාගිවීමට නියමිතයි.

දින 10ක් පුරා පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය දෙසැම්බර් 1 වන දා පස්වරුවේ කත්මණ්ඩු නුවර දශරත් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙවර සාග් ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 12ක් පමණ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇතැයි මළල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සඳහන් කළා.