ශ්‍රී ලංකාවට තවත් සාග් රන් පදක්කමක්

Tuesday, 03 December 2019 - 8:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී තවත් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සන්ධ්‍යාවේ සමත් වුණා.

ශ්‍රී ලංකාවට එම රන් පදක්කම හිමි වූයේ වයස අවුරුදු 23න් ඉහළ පිිරිමි කණ්ඩායම් පූම්සේ ඉසව්වෙන්.

එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම ජයග්‍රහණය කිරීම සඳහා ජේ.ඒ. නිශ්ශංක, අයි. ලක්ෂ්මන්, ක්‍රිෂාන්ත වීරසිංහ යන ක්‍රීඩකයන් එක්වුණා.

මේ වන විට ශ්‍රී ලංකාව කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ලෙස පදක්කම් 24ක් ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අතර, සාග් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින නේපාල ක්‍රීඩිකාවක් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

අන්ජලී චාන්ද් නැමති ඇය එම වාර්තාව පිහිට වූයේ ලකුණු ලබා නොදී කඩුලූ 6ක් බිඳ හෙලීමෙන්.

නේපාල කාන්තා ක්‍රිකට් පිළ සහ මාලදිවයින් කාන්තා ක්‍රිකට් පිළ අතර පැවති තරඟයේදී ඇය මෙම දස්කම ප්‍රදර්ශනය කර තිබෙනවා.