වසරේ එක්දින පිතිකරු කුසල් ජනිත් - ටෙස්ට් පිතිකරු දිමුත් කරුණාරත්න

Wednesday, 04 December 2019 - 7:55

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී වසරේ ටෙස්ට් පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න සම්මාන දිනාගත් අතර, ටෙස්ට් පන්දු යවන්නා ලෙස දිල්රුවන් පෙරේරා සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ධනංජය ද සිල්වායි. වසරේ එක්දින පිතිකරු ලෙස කුසල් ජනිත්ද, එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගද, එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරාද සම්මානයට පාත්‍රවුණා.

වසරේ විස්සයි විස්ස පිතිකරු ලෙස තිසර පෙරේරා සම්මාන හිමිකරගත් අතර, විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගත්, එම කාණ්ඩයේ තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ඉසුරු උදානත් සම්මාන දිනාගත්තා.

වසරේ එක්දින පිතිකාරිනිය, තුන් ඉරියව් ක්‍රීිඩිකාව සහ විස්සයි විස්ස පිතිකාරිනිය ලෙස සම්මාන දිනාගත්තේ චමරි අතපත්තුයි.

ඕෂධී රණසිංහ වසරේ එක්දින පන්දු යවන්නිය ලෙස සම්මානයට පාත්‍රවූ අතර, වසරේ විස්සයි විස්ස පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව වූයේ ශෂිකලා සිරිවර්ධනයි.

වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එක්ව සිටියා.