ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Wednesday, 04 December 2019 - 13:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
13 වන දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට අද තවත් රන් පදක්කමක් හිමිවුණා.

ඒ, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන්.

එහිදී සාරංගි සිල්වා රන් පදක්කමක් දිනාගත් අතර, අන්ජානි පුල්වංශ එහි රිදී පදක්කම දිනාගනු ලැබුවා.

මීටර 200 ඉසව්වට සහභාගිවූ විනෝද් සුරංජය සිල්වා රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වූ අතර, කවපෙත්ත විසි කිරීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවුණේ ඉෂාරා මදුරංගිටයි.

මේ වනවිට රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 16ක්, ලෝකඩ පදක්කම් 28 ක් සමඟ මුළු පදක්කම් 50 ක් දිනාගත් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.

නේපාලය එහි පෙරමුණ ගෙන ඇති අතර, ඉන්දියාව පසුවන්නේ දෙවන ස්ථානයේයි.

මේ අතර තයිකොන්ඩෝ ,කිලෝග්‍රෑම් 63 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චලින්ද සම්පත් සමත් වුණා.