සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් තුනක්

Thursday, 05 December 2019 - 12:01

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය වන අද, තවත් රන් පදක්කම් තුනක් දිනාදීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තුන්දෙනෙකුට හැකිවුණා. ඒ, මීටර 100 කඩුලු මතින් දිවීම, මීටර හාරසියය සහ තුන්පිම්ම යන ඉසව්වලින්.

මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 13.68 කින් නිම කළ ලක්ෂිකා සුගන්දිකා එහි රන් පදක්කම දිනාගත් අතර, එය ඇය මෙතෙක් වාර්තාකළ හොඳම දක්ෂතාවද වනවා.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තේ ඉරේෂානි රාජසිංහ විසින්.

මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම දිල්ෂි කුමාරසිංහ දිනාගත් අතර, කාන්තා තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම හසිනි ප්‍රබෝධා හිමිකරගත්තා.

මෙහි විශේෂත්වය වන්නේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තරග වැදීමට නියමිතව තිබූ නදීෂා රාමනායක සහ විදුෂා ලක්ෂානි වෙනුවට ආදේශ කළ ක්‍රීඩිකාවන් වීමයි.

කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටි විදූෂා ලක්ෂානි කාන්තා තුන්පිම්ම ඉසව්වට සහභාගිවී ඇති අතර, එහිදී ඇය රිදී පදක්කම හිමිකරගත්තා.

මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වද අද පැවැත්වුනු අතර, එහිදී රොෂාන් ධම්මික ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුණේ තත්පර 14.42 ක කාලයක් වාර්තා කරමින්. පාකිස්ථානයේ මොහොමඞ් නයිම් විසින් එහි රන්පදක්කම දිනාගත්තා.