දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම බංග්ලාදේශයට

Sunday, 08 December 2019 - 14:20

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවුණා.

මෙම තරඟයේ ශ්‍රී ලංකාව සමඟ අවසන් තරඟයට සුදුසුකම් ලබා සිටියේ බංග්ලාදේශයයි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවර් 20 තුල කඩුලු 08ක් දැවී ලකුණු 91කට සීමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

රන් පදක්කම වෙනුවෙන් ලකුණු 92ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 89ක් පමණයි.

ඒ අනුව මෙම තරඟය ලකුණු 02කින් ජයගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගත්තා.