ශ්‍රී ලංකා,සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩෙංගු වැළඳුණේ සුගතදාසයේදී ?

Sunday, 08 December 2019 - 21:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%2C%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%3F
නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙන පුවතක් අප ඊයේ හිරු ස්පෝර්ට්ස් හරහා තොරතුරු අනාවරණ කළා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාගෙන් හත් දෙනෙකුටම ඩෙංගු රෝගය වැලදී ඇත්තේ මෙරටදී බව අප එහිදී පෙන්වා දුන්නා.

එහිදී අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම භාරව සිටින වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසුවේ ඩෙංගු රෝගය වැළදුණු 13 දෙනාගෙන් දොළොස් දෙනෙකුම නවාතැන් ගෙන සිටියේ සුගතදාස හෝටල් සංකීර්ණයේ බවයි.

අපගේ අනාවරණයෙන් පසු කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් අද සුගතදාස හෝටල් පරිශ්‍රය ආශ්‍රිතව හදිසි පරික්ෂාවක නිරත වුනා.

එහිදී දක්නට ලැබුනේ සුගතදාස ක්‍රීඩා බලධාරීන්ට පින්සිදු වන්නට ඩෙංගු මදුරු කිටයින්ට නිදහසේ බෝ වන්නට ඉඩහැර තිබෙන වට පිටාවකුයි.

කණගාටුවට කරුණ වන්නේ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් සුගතදාස පාලනාධිකාරිය දැනුම්වත් කර තිබියදීත් ඔවුන් නොඇසූ කන්ව සිටීමයි.

-මෙම ස්ථානයේ දැඩි ලෙස මදුරුවන් බෝවන බව සාක්ෂාත් වෙලා තියෙනවා.ඒ අනුව අපෙන් කෙරෙන්න ඕන දුමායන කටයුතු කෙරෙන අතරතුර ලිකිතව පාලනාධිකාරියට දන්වල තියෙනවා මේ ඉන්ඩෝ ස්ටේඩියම් එකේ මේ සම්බන්ධයෙන් කටයුතු කරලා වහාම මේවා ඉවත් කරන්න කියලා.

අද වෙනතුරුත් මේ අබලි ද්‍රව්‍ය ඉවත් කරලා නැහැ.ඉතින් මේක ඉතාම කනගාටු දායක තත්වයක්.28 වෙනිදා තමයි මේ දරුවන් සාග් ගේම්ස් වලට පිටත්ව ගිහින් තියෙන්නේ.

ඔවුන් රැදී හිටපු හොස්ටල් එකත් අපි පරික්ෂා කළා.මේ අවට දැඩි ලෙස මදුරුවන් බෝවන ස්ථාන අපිට දැක ගන්නට පුළුවන් වුනා.මේ සම්බන්දයෙන් අපි මේ වනවිටත් නීති මගින් කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සිද්ද කරලා තියෙනවා.

සුගතදාස පාලනාධිකාරියේ  මෙම නොසලකා හැරීම් හමුවේ සිය ජීවිත උකස් කරන්නට සිදුව තිබෙන්නේ අපේ රටේ අහිංසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීම සෝචනීය කරුණක්.