සාග් ක්‍රීඩා උළෙල අවසන් - ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය

Tuesday, 10 December 2019 - 19:34

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද සමාප්ති උත්සවයේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලිය අවසන් කරන්නේ සාග් ක්‍රීඩා ඉතිහාසයේ ලබාගලත් වැඩිම පදක්කම් සංඛ්‍යාව සටහන් කරමින්.

රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමඟින් ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 251 ක් මෙවර හිමිකරගත්තා.

පළමු  ස්ථානයට පත්වූ ඉන්දියාව රන් පදක්කම් 174 ක් සමඟින් සමස්ත පදක්කම් 312 ක් ලබාගෙන ඇති අතර, දෙවන ස්ථානයට පත්වූ නේපාලය රන් පදක්කම් 51 ක් සමඟින් සමස්ත පදක්කම් 206 කට හිමිකම් කියනවා.