රොෂාන් මහානාම, ස්වයං නිරෝධායනයට

Wednesday, 18 March 2020 - 13:06

%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%2C+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ඇලෙක්ස් හෙල්ස් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා.

කොරෝනා වෛරස් රෝගී තත්ත්වයේ ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔහු මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට සහභාගි වී, යළි එංගලන්තයට පැමිණීමෙන් පසු මෙලෙස ඔහුට රෝග ලක්ෂණ පහළ වී තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටය සහ අවසන් තරග අත්හිටුවීමටයි එහි සංවිධායකයින් පියවර ගනු ලැබුවේ.

මේ අතර, මෙම තරගාවලියේ තීරකවරයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම, සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වනවා.

අද පෙරවරුවේ ඔහු යළි දිවයිනට පැමිණ ඇති අතර, ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඉල්ලා සිටියේ නිවෙස් තුලටම වී ආරක්ෂිතව සිටින ලෙසයි.