ඉන්දීය ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Saturday, 16 May 2020 - 13:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රජය විසින් අවසරය ලබාදෙන්නේ නම්, ඉන්දීය ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයකට සූදානම් බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ජුලි මාසය අවසානයේ එක්දින තරඟ 3ක සහ විස්සයි විස්ස තරඟ 3ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලෙසයි.

නිරෝධායන නීතිවලට අනුකූලව එම තරඟ ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් ප්‍රකාශ කළේ සිය ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යය ආරක්ෂාවට ගැටළුවක් නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බවයි.

එහෙත් එම තීරණය රජයේ අනුමැතිය මෙන්ම සංචාර සීමාවන් ලිහිල් කිරීම මත රදා පවතින බවයි ඔහු අවධාරණය කළේ.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More