මෙරට විශාලම ක්‍රිකට් පිටියට එල්ල වන චෝදනාවට, ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

Monday, 18 May 2020 - 20:16

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
හෝමාගම - දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ඊයේ එම ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අක්කර 26ක භූමි ප්‍රමාණයක් මේ සඳහා වෙන් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වමින් ඊට අප්‍රසාදය පළ කළ අතර, එමගින් ඔහු දක්වා තිබුණේ මේ වන විට මෙරට පවතින ක්‍රීඩාංගණවල ද ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරඟ ක්‍රීඩා නොකරන බවයි.

මහේල ජයවර්ධන අදාළ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ.

ඒ අනුව අදාළ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආයෝජනයක් බව ද එහි දක්වා තිබෙනවා. 


ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More