ICC මාර්ගෝපදේශ ගැන ශකීබ් ප්‍රශ්න කරයි

Sunday, 24 May 2020 - 13:03

ICC+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් නතර කර ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් පැහැදිළි කිරීමක් ඉල්ලා තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ක්‍රිකට් තරග යළි ආරම්භ කිරීමට ලබාදී ඇති මාර්ගෝපදේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත බවයි.

විශේෂයෙන් පන්දු වාරයක් අවසානයේ පිතිකරුවන් දෙදෙනා එක් අන්තයකදී මුණගැසීම, කඩුලූ රකින්නා කඩුල්ලට සහ පිතිකරුට සමීපව පන්දු රැකීම මෙන්ම තණතිල්ල ආසන්නයේ පන්දු රකින්නන් යෙදවීම එවැනි ගැටළු කිහිපයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ක්‍රිකට් තරග යළි ආරම්භ කිරීමට පෙර නිසි ඇගයීමක් සිදුකළ යුතු බව පෙන්වා දෙන ශකීබ් අල් හසන් කියා සිටියේ එහිදී ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බවයි.

ලොව විශිෂ්ඨතම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් මේ වනවිට වසර දෙකක අයි.සී.සී. ක්‍රිකට් තහනමකට ලක්ව සිටිනවා.


ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More