පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ

Friday, 29 May 2020 - 9:13

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

එම තරගාවලිය සම්බන්ධයෙන් අද රැස්වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාණ්ඩලික රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත නමුත් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණය ජූලි මාසයේදී රැස්වන වාර්ෂික සම්මේලනයේදී ගැනීමට නියමිත බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන් සූදානම් වෙමින් සිටින බවයි ICCය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ IPL තරඟාවලියට ඉඩ ලබාදීමට ලෝක කුසලාන තරඟාවලිය කල්දැමීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය ඔක්තා්බර් මස 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කොරෝනා වෛරසයේ පැතිරයාම පාලනය කිරීම සඳහා මේ වනවිට ඔස්ට්‍රේලියාව සාර්ථක පියවර රැසක් ගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවේ මේ වනවිට දැඩි සංචරණ සීමා පවත්වාගෙන යනු ලබනවා.


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More