ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව

Tuesday, 02 June 2020 - 8:12

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත් වසර අවසානයේ පැවැත්විය හැකි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් පවසනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා තරඟාවලි දෙකම මේ වනවිට කල් දමා අවසන්.

ටෙස්ට් ලකුණු 7000 කට වැඩියෙන් රැස්කරගෙන සිටින ස්ටීවන් ස්මිත්, මාස දෙකකට පසු ඊයේ නැවතත් පුහුණුවීම් ආරම්භ කළ අතර, සිම්බාබ්වේ පිල සමඟ අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අපේක්ෂිතයි.