දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි

Tuesday, 02 June 2020 - 14:08

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
rn
rn
rn
රජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉදිරි සතියේ නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු දකුණු අප්‍රිකාව අදියර 5 කින් විවෘත කෙරෙන අතර, දැන් එහි තුන්වන අදියරටයි එළඹ තිබෙන්නේ.

ඒ යටතේ වෘත්තීයමය ක්‍රීඩා පුහුණු කටයුතු සඳහා එරට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබාදෙනු ඇති.

සිය ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු මට්ටම් 3කින් ආරම්භ කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර, මේ මස අවසානයේ ප්‍රදර්ශන තරඟයක් පැවැත්වීමට ද අපේක්ෂා කරනවා.

පළමු අදියරේ පුහුණු කටයුතු සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සෞඛ්‍යාරක්ෂණ මාර්ගෝපදේශ පෙළක් හඳුන්වාදී ඇති අතර, පන්දුව පිරිමැදීමට කේඨය ගැල්වීම එහිදී තහනම් වනු ඇති.

දකුණු අප්‍රිකානු පිලේ මීළඟ ජාත්‍යන්තර තරඟාවලිය වන්නේ ලබන ජූලි සහ අගෝස්තු මාසවලට යෙදී ඇති කොදෙව් සංචාරයයි.

එහෙත් කොදෙව්වන් කල් දැමූ එංගලන්ත සංචාරයට සහභාගි වන බැවින්, දකුණු අප්‍රිකානු පිළේ සංචාරය කල් දමනු ඇතැයි අපේක්ෂිතයි. එමෙන්ම, ඒ වෙනුවට කොදෙව් පිළ වසර අවසානයේ දකුණු අප්‍රිකාවට ගෙන්වීම පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා.

අගෝස්තු මාසය අවසානයේ ඉන්දීය පිළ ද දකුණු අප්‍රිකාවේදී විස්සයි විස්ස තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.
rn
rn
rn


ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයට
Friday, 03 July 2020 - 13:47

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයටසෑම් කරන් නිරෝධායනයටඑංගලන්ත... Read More