ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි

Thursday, 04 June 2020 - 19:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාව සමග ලබන මාසයේ සැලසුම් කර තිබූ වකවානුවලදී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නොහැකි බවයි.

එළඹෙන සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී නව දින තීරණය කිරීමටත්, මෙරට ක්‍රිකට් බලධාරින් සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී තරඟාවලිය පැවැත්වීමට හැකියාව පවතින බවයි.

කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් කල් දැමූ 03 වන තරඟාවලිය මෙය වන අතර, මීට පෙර එංගලන්ත සහ දකුණු අප්‍රිකානු තරඟාවලි ද කල් දැමීමට සිදුවුණා.