ඉන්දු - චීන ගැටුම IPL වලටත් ?

Monday, 22 June 2020 - 8:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+IPL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%3F
ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රිකට් තරඟාවලියක් වන අයි.පී.එල්. සඳහා තවදුරටත් චීන සමාගම්වල අනුග්‍රාහකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේ චීන දේශසීමා භටයන් සමඟ ඇතිවූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මියයෑමත් සමඟ චීන නිෂ්පාදන වර්ජනය කළ යුතු බවට ඉන්දියාව තුළ විරෝධයක් ඇතිව තිබෙනවා.

එම විරෝධය අයි.පී.එල්. තරඟාවලිය දක්වා ව්‍යාප්තවී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

අයි.පී.එල්. තරගාවලියේ වැඩි අනුග්‍රාහකත්වයක් චීන සමාගම් විසින් දරණවා.

එම තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන වීවෝ ජංගම දුරකථන සමාගම ද චීන සමාගමක් බව සඳහන්.