ලොවම කළඹමින් 1997 දී කණ සපා කෑ හොලිෆීල්ඩ් සමඟ ද්වන්ධ සටනකට සුපිරි මයික් ටයිසන් යළි බොක්සිං වළල්ලට එයි (වීඩියෝ)

Wednesday, 24 June 2020 - 19:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1997+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%91+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලොවම කළඹමින් 1997 දී කණ සපා කෑ හොලිෆීල්ඩ් සමඟ ද්වන්ධ සටනකට සුපිරි මයික් ටයිසන් යළි බොක්සිං වළල්ලට එයි (වීඩියෝ)

මීට දශක කිහිපයකට පෙර කණ සපා කෑමේ සිදුවීමත් සමඟ ලෝකයේම අවධානය දිනූ සුපිරි බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් යළිත් බොක්සිං තරඟයකට එක්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙය ප්‍රදර්ශනාත්මක තරඟයක් වන අතර එහි ඇති විශේෂත්වය වන්නේ ඔහු කණ සපා කෑ සුපිරි බොක්සිං ක්‍රීඩක ඉවැන්ඩර් හොලිෆීල්ඩ් එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වීමයි.

කෙසේ වෙතත් මෙම තරඟය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා බොක්සිං වළල්ලේදී දෙවතාවක් මීට පෙර හමුව ඇති අතර එම තරඟ ද්විත්වයේම ජයග්‍රහණය හොලිෆීල්ඩ් සතුවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ටයිසන්ගේ බොක්සිං ඉතිහාසයේ ඇති වාර්තා ද ප්‍රතිවාදීන්ට එතරම් යහපත් නොවූ ඒවා බවයි සඳහන් වන්නේ.

ඒ ඔහු මුල් ජාත්‍යන්තර තරග 19 න් 12කදීම තරඟයේ පළමු වටයේදී තම ප්‍රතිවාදියා බිම හෙළීමට සමත්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ලොව භයානකම බොක්සිං ක්‍රීඩකයා ලෙස ද ඔහු විරුදාවලි ලැබුවා.

ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ කන සපා කෑම සිදුකරන්නේ 1997 වසරේ ජුනි 28 වනදා පැවති ලෝක හෙවිවේට් ශූරතාව වෙනුවෙන් පැවැති තරඟයකදීයි.

මේ හේතුවෙන් ටයිසන් තරඟයෙන් ඉවත්කොට හොලිෆීල්ඩ්ට ශූරතාව ලබා දීමටයි තරඟ තීරකයන් ක්‍රියා කළේ.

මයික් ටයිසන් ලෝක වාර්තා අතරට එක් වූයේ ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය 9 වතාවක් රැකගනිමින්.

මේ අතර සුපිරි බොක්සිං තරුව මයික් ටයිසන් පුහුණුවීම් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා.

ඒ එහි ඔහු පවත්වාගන්නා අසීමිත වේගය හේතුවෙන්.

rn
rn




ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More