ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය (වීඩියෝ)

Thursday, 25 June 2020 - 15:43

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+20+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පවතින කොවිඩ් අවදානම හේතුවේන් ලබන මස බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකා තරඟ සංචාරය සඳහා එක්නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්  දී තිබෙනවා.

බංග්ලාදේශයේ පවතින කොවිඩ් අවදානම හේතුවේන් සිය ක්‍රීඩයන්ට නිසි ලෙස මෙම තරගාවලිය ඉලක්ක කරගනිමින් පුහුණුවිම් ආරම්භ කිරිමට නොහැකි වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්, මෙරට ක්‍රිකට් බලධාරීන් දැනුවත් කර ඇති අතර තරගාවලිය යළි පැවැත්වෙන දිනයන් පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කිරිමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරට තරඟ සංචාරය කිරීමට නියමිතව තිබුණේ ටෙස්ට් තරග 3කට සහභාගිවීම සඳහායි.

මේ අතර කොවිඩ් වසංගතයේන් අනතුරුව ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි පුහුණු කඳවුර මේ දිනවලදි පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වනවා.

දින 10ක කාලයක් දිවෙන මෙම පුහුණු සැසී සදහා එක්ව සිටින ක්‍රීඩකයන්  සංඛ්‍යාව 24ක්.

2011 ලෝක කුසලානයේ අවසන් තරගයේදී තරග පාවාදීම පිළිබඳව එවක ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ද ශ්‍රි ලංකා ටෙස්ට් සහ එක්දින නායකයා මෙහිදී අදහස් පළකලා.

මේ අතර ලබන අගෝස්තු මස 08වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා අමාත්‍යාංශය සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

විදේස් ක්‍රිඩකයගේ ද සහභාගිත්වයෙන් කණ්ඩායම් 5ක් එක්වන තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයී මෙම අනුමැතිය ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලබා දී ඇත්තේ.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම අනුගමනය කරමින් ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු ඇති.





ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More