පාකිස්තාන ක්‍රිකට් පිළ හෙට එංගලන්තයට

Saturday, 27 June 2020 - 13:35

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයන් දස දෙනා හැර පාකිස්තාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනෙකු පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලය සමඟ හෙට එංගලන්තය බලා නික්මෙනවා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ලබාදී ඇති ගුවන් යානයක් මගින් මෙලෙස මැන්චෙස්ටර් නුවර බලා යන්නේ දෙවන කොරෝනා පරීක්ෂාවෙන් ද වෛරසය ආසාදනය නොවූ බවට තහවුුරු වූ අය පමණයි.

ඔවුන් එංගලන්තයේ දී දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමෙන් අනතුරුවයි තරගාවලිය ආරම්භ වන්නේ.

පාකිස්තාන පිළ එංගලන්තයේදී ටෙස්ට් තරඟ 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහභාගිවීමට නියමිතයි.

තරගාවලියේ නව කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් පාකිස්තාන - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇති.