කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ස්වයං නිරෝධායනයට

Sunday, 28 June 2020 - 8:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ආරම්භ කිරීමේ මුල් පියවරක් ලෙස එංගලන්තයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

 ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි සිය හෝටල් කාමරය තුළ ඊයේ සිට ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුවන්නේ සිකුරාදා අවමංගල උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුවයි.

ලබන බ්‍රහස්පතින්දා ඔහුට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර, එහිදී කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් යළි කණ්ඩායමේ පුහුණු කටයුතුවලට එක්වනු ඇති බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.