පාකිස්ථාන ක්‍රීඩකයින් දසදෙනාගෙන් 6 කට කොරෝනා නැහැ

Sunday, 28 June 2020 - 13:30

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොවිඞ් 19 ආසාදනය වූ පාකිස්ථාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දසදෙනා අතුරෙන් හයදෙනෙකුට දෙවන පරීක්ෂණයේදී එම වෛරසය ආසාදනය වී නොමැති බව හෙළිවී තිබෙනවා.

මොහොමඞ් හෆීස්, වහාබ් රියාස්, ෆකාර් සමාන්, ෂඩාබ් ඛාන්, මොහොමඞ් රිස්වාන් සහ මොහොමඞ් හස්නයින් මෙලෙස දෙවන පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ ක්‍රීඩකයන්.

මේ අතර පාකිස්ථාන ක්‍රිකට් පිල ටෙස්ට් සහ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා අද එංගලන්තයේ මැන්චෙස්ටර් බලා පිටත්ව යාමට නියමිතයි.