කොදෙව්වන්ට එරෙහිව එංගලන්තය ශක්තිමත් වෙයි

Monday, 29 June 2020 - 20:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

ටෙස්ට් සංචාරයක් සඳහා එංගලන්තයට පැමිණි කොදෙව් පිළ මේ වන විට පුහුණු කටයුතු ආරම්භ කර ඇති අතර, ටෙස්ට් සහ විස්සයි විස්ස සංචාරයක් සඳහා පාකිස්තාන පිළ ද ඊයේ එංගලන්තයට පැමිණියා.

සති 7ක කාලයක් තුළ ටෙස්ට් තරගාවලි දෙකකට සහභාගි වන එංගලන්ත පිළේ වේග පන්දු යවන්නන් හුවමාරු ක්‍රමයකට යෙදවීමට තීරණය කර ඇති අතර ඒ අනුව ස්ටුවට් බ්‍රෝඩ්ට 2012 වසරෙන් පසුව එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරඟයක් අහිමි වනු ඇති.

මේ අතර, එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී කළු දිවිය අගනේය යන අරුත් ඇති බ්ලැක් ලයිව්ස් මැටර් ලෙස සලකුණු කළ කමිස, යොදා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ තීරණය කර තිබෙනවා. 


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More