එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන දා සිට

Tuesday, 30 June 2020 - 8:25

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන දා සිට ආරම්භ කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

ඒ සඳහා පළමු පියවරක් ලෙස හෙට සිට ප්‍රාන්ත කණ්ඩායම්වල පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී නායක ජෝ රූට් වෙනුවට බෙන් ස්ටෝක්ට එක් තරඟයක හෝ නායකත්වය දැරීමට සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ බිරිඳ දෙවන දරු උපත අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන්.