මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)

Friday, 03 July 2020 - 17:06

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් නතර කිරීමට සිදු වුණා.

රට යථාවත් වීමත් සමඟ මාස තුනක විවේකයෙන් පසු ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම යළිත් සුපුරුදු පුහුණුවීම් පසුගියදා ආරම්භ කළ අතර පළමු පුහුණු සැසිය පැවැත්වුණේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදීයි.  

එම පුහුණු සැසිය පැවැත්වුණේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගෙන් සහභාගිත්වයෙන් තොරවයි.  

මේ අතර, කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ දෙවැනි පුහුණු සැසිය ඊයේ (02) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වුණා.

ඒ,  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ මෙහෙයවීමෙන් සති දෙකක කාලයක් පුරා පැවැති අදාළ පුහුණුවීම් වලින් පසුවයි.

මෙම පුහුණු සැසියට ලසිත් මාලිංග හැර සෙසු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නියෝජනය කරන සියලුම ක්‍රීඩකයන් සහභාගී වුණා.
 
පුහුණු තරඟ දෙකකින් සමන්විත වූ මෙම තරගයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.

පුහුණු තරඟ වලින් අනතුරුව එක්දින තරගයක් පැවැත්වුණේ  දිමුත් කරුණාරත්නගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ දෙක අතරයි.

එම තරගයේ ජයග්‍රහණය කරට කර සටනක් බවට පත්ව තිබියදී අඳුරු ආලෝක තත්ත්වය හමුවේ තරඟය නවතා දැමීමට සිදු වූ අතර ඒ වනවිට කරුණාරත්නගේ පිලට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 54 ක් අවශ්‍යව තිබුණා.
 
පළමුව පන්දුවට පහර දුන් දික්වැල්ලගේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසනදී කඩුලු 8ට ලකුණු 346 ක් ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 100 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 127 ක් ලබාගැනීමට සමත් වුණා.

මෙහිදී  දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගනිමින් යළිත් දක්ෂතා අතරට පැමිණි අතර ඔහුගේ ශතක ඉනිම වර්ණවත් වුණේ හයේ පහර හතරක් සහ හතරේ පහර නවයක් සමඟයි.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරුණාරත්නගේ පිල පන්දුවාර 45. 3 කදී ලකුණු 292 කට දැවී ගියා.

එහිදී තිසර පෙරේරා පන්දු 72 කදී හයේ පහර හතක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා ගැනීමට සමත් වුණා.
 
එක්දින තරගයෙන් පසු පසුවදා පුහුණු විස්සයි විස්ස තරඟයක් පැවැත්වුණේ  කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙක අතරයි.

තරඟයෙන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම පරදා ධනංජය ද සිල්වාගේ කණ්ඩායම කඩුලු හතරකින් ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 189 ක් ලබා ගත් අතර ඊට සාර්ථක පිළිතුරක් ලබා දුන් ධනංජයගේ පිල පන්දු හතරක් සහ කඩුලු හතරක් අතැතිව තිබියදීයි තරඟය ජයග්‍රහණය කළේ.
 
මෙම තරඟයේදී ද ලකුණු අතරට පැමිණි දිනේෂ් චන්දිමාල් නොදැවී අර්ධ ශතකයක් ලබාගත් අතර දසුන් ශානක වේගවත් පිති ප්‍රහාරයක් දියත් කරමින් ලකුණු 77 ක් ලබා ගැනීමට සමත් වුණා.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"