ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි

Saturday, 04 July 2020 - 12:36

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් පවත්වා ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මෝහාලි පොලීසිය වැටලීම් රැසක් සිදුකර තිබෙනවා.

එහිදී ඊට සම්බන්ධ ඔට්ටු තැබීමේ ආයතන 8ක් වටලා ඇති අතර, පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ඉන්දීය මෝහාලි පොලීසිය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ සජීවි ක්‍රිකට් තරඟ යළි ආරම්භ වන බව පවසමින් මෙලෙස ක්‍රිකට් තරඟයක් පවත්වා ඇත්තේ මෝහාලි නගරය තදාසන්නයේයි.

ඊට තිලකරත්න ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්විස් මහරුෆ් වැනි ක්‍රීඩකයන් ද සහභාගි වන බව පවසමිනුයි ඔට්ටු ලබාගෙන ඇත්තේ.

එය ව්‍යාජ තරගාවලියක් බැවින් ඊට කිසිදු ප්‍රසිද්ධියක් ලබානොදෙන ලෙස ෆර්විස් මහරුෆ් ට්විටර් සටහනක් එක් කර තිබූ අතර, එවැනි තරගාවලියක් සඳහා අවසර ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ඌව පළාත් ක්‍රිකට් සම්මේලනය ද අවධාරණය කළා.


ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More

කාන්තා අයි.පී.එල්. තරගාවලියක්
Monday, 03 August 2020 - 8:02

ලබන සැප්තැම්බර් 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ... Read More