කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස අගෝස්තු 18 සිට

Saturday, 11 July 2020 - 13:18

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+18+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 18 වන දා සිට සැප්තැම්බර් 20 වන දා දක්වා ට්‍රීනිඩෑඞ් සහ ටොබේගෝ දිවයින් හිදී පැවැත්වෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පසු පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය මෙයයි.

නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වෙන මෙම තරඟ සඳහා සහභාගි වන සියළුම ක්‍රීඩකයන් එක් හෝටලයක රදවා සති දෙකක නිරෝධායනයට ලක් කරන අතර, විදේශීය ක්‍රීඩකයන් ට්‍රීනිඩෑඩය වෙත පැමිණීමට පෙර සහ පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කෙරෙනු ඇති.

මේ අතර, ඉන්දියාවේ කොල්කටා නුවර ඊඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගණය කොවිඞ් නයින්ටීන් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.