ඉන්දීය පිල දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක

Sunday, 12 July 2020 - 13:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී සව්රව් ගංගුලි ප්‍රකාශ කළා.

කෙසේ නමුත් සිය කණ්ඩායම ඕස්ට්‍රේලියාව වෙත ළඟාවූ පසු ගත කළ යුතු අනිවාර්ය නිරෝධායන කාලසීමාව කෙටි කරන ලෙසද ඔහු ඉල්ලීමක් කරනවා.

දැනට  ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලක්විය යුතුයි.

මෙල්බර්න් කේන්ද්‍ර කොටගෙන පැන නැගී ඇති  ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ල හැරුණු කොට  ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශ සහ නවසීලන්තයද කොරෝනා වෛරසය බොහෝ දුරට පාලනය කර තිබෙනවා.

මිලියන 25ක ජනගහණයක් සහිත  ඕස්ට්‍රේලියාවෙන් කොවිඞ් 19 ආසාදිතයන් 9,000ක් පමණ හමුවී ඇති අතර, එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 106ක්.  

මේ නිසා  ඕස්ට්‍රේලියාවේදි නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අවතීර්ණ වීම ගැටළුවක් නොවන බව ගංගුලි වැඩිදුරටත් කියා සිටියා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල මේ වසරේ දෙසැම්බරයේ සහ ලබන වසරේ ජනවාරි මාසයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර, එහිදී ටෙස්ට් තරග 4කට සහභාගිවීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති ටෙස්ට් තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළේ දෙකට එකක් ලෙසින්.

මෙවර තරගාවලියද අභියෝගකාරී වුවත් එය ජයග්‍රහණය කිරීමට හැකියාවක් පවතින බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි කියා සිටියේ.