එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

Sunday, 12 July 2020 - 22:45

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තය පරදා කඩුලු 4ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා.

සවුත්ඇම්ප්ටන් හි පැවති මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර, කොදෙව් කණ්ඩායම පිළිතුරු ලෙස පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 318 ක් ලබාගත්තා.

පසුව දෙවන ඉනිම ඇරඹි එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී එහිදී ලබාගත්තේ ලකුණු 313 ක් පමණයි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට හිමිවූ අතර, එම සීමාව ඔවුන් පසුකර ගියේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදියි.