කොදෙව්වන් අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ 7 වන ස්ථානයට

Monday, 13 July 2020 - 20:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+7+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දින 117ක විරාමයක් ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ යළි ආරම්භවීම සලකුණු කරමින් පැවති පළමු ටෙස්ට් තරඟයෙන් එංගලන්තය පරදවා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් පිළ අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා.

තරඟ 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින කොදෙව් පිළට පළමු තරඟයේ ජයග්‍රහණයත් සමඟ ලකුණු 40ක් හිමි වුණා.