ක්‍රිකට් ලොව සැණකෙළිය මෙවර IPL ඇරඹෙන දිනය මෙන්න

Friday, 24 July 2020 - 13:49

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+IPL+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා කල් දැමූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අයි.පී.එල්. පාලන මණ්ඩල සභාපති බ්‍රිජේෂ් පටෙල් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව, අවසන් මහා තරඟය නොවැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත බවයි.

දින 51 ක් පුරා පැවැත්වෙන තරඟාවලිය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට සහභාගි වන කණ්ඩායම් වෙතින් මීට පෙර කරුණු විමසා තිබූ බව සඳහන්.

කල් දමන ලද අයි.පී.එල්. තරඟාවලිය මේ වසරේදීම පැවැත්වීමට තීරණය කෙරුණේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දැමීමෙන් අනතුරුවයි.