රිචඩ්ස් - බොතම් කුසලානය මීළඟ එංගන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලියට

Saturday, 25 July 2020 - 13:00

%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර, මීළඟ ටෙස්ට් තරගාවලිය රිචඩ්ස් - බොතම් කුසලානය සඳහා පැවැත්වීමට එංගලන්ත සහ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල එකඟ වී තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් විරාමයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ යළි ආරම්භ වූයේ කොදෙව් පිළේ එංගලන්ත ටෙස්ට් සංචාරයෙන්. මේ වන විට එහි 3 වන තරඟය ක්‍රියාත්මක වන අතර, එහිදී පිරිනැමෙන්නේ 1963 වසරේ දී හඳුන්වා දුන් විස්ඩන් කුසලානයයි.

එය මෙම තරගාවලියෙන් විශ්‍රාම ගන්වා ලන්ඩන් ලෝඞ්ස් පිටියේ කෞතුකාගාරය වෙත යොමු කිරීමට නියමිතයි.

නව කුසලානය නම් කර ඇත්තේ ලොව මෙතෙක් බිහි වූ දක්ෂතම පිතිකරුවෙකු ලෙස සැලකෙන ප්‍රවීන කොදෙව් ක්‍රීඩක විවියන් රිචඞ්ස් සහ එංගලන්තයෙන් බිහි වූ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ප්‍රවීන ක්‍රීඩක ඉයන් බොතම් වෙනුවෙන්.