ලෝක කුසලාන සුපර්ලීග් තරගාවලිය 30 වන දා ඇරඹේ

Monday, 27 July 2020 - 21:53

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+30+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලබන 30 වන දා ආරම්භ වන එංගලන්ත - අයර්ලන්ත එක්දින තරගාවලියෙන් ලෝක කුසලාන සුපර්ලීග් තරඟාවලියේ සමාරම්භය සලකුණු වන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් 12 සහ නෙදර්ලන්තය ඇතුළත් එම තරගාවලියෙන් 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තෝරා ගැනෙනවා.

සත්කාරක ඉන්දියාව සහ ලකුණු සටහනේ මුල් ස්ථාන 7 හිමි කර ගන්නා රටවල් පමණයි ඒ සඳහා ඍජුවම සුදුසුකම් ලබන්නේ.