ක්‍රිකට් ලොව සැණකෙළිය 13වන IPL ඇරඹුම ශ්‍රී ලංකා සුපිරි තරු යුගල මාලිංගට සහ ඉසුරුට අහිමිවෙයි

Saturday, 01 August 2020 - 9:40

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+13%E0%B7%80%E0%B6%B1+IPL+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් ලොව සැණකෙළිය 13වන IPL ඇරඹුම ශ්‍රී ලංකා සුපිරි තරු යුගල මාලිංගට සහ ඉසුරුට අහිමිවෙයි

මාලිංග සහ ඉසුරු අයි.පී.එල්. යන්න පමා වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර අයි.පී.එල්. තරගාවලියට ලසිත් මාලිංග සහ ඉසුරු උදාන සතියක් පමා වී එක්වනු ඇති බව වාර්තා වනවා.

මුම්බායි ඉන්දියන්ස් පිළ නියෝජනය කරන මාලිංග සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ නියෝජනය කරන ඉසුරු උදානට ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට සහභාගිවීමට සිදුවීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය අතරතුර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට වෙනත් තරඟාවලියකට සහභාගී වීමට නොහැකි වනු ඇති බවයි.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය 20 වෙනිදා අවසන් වුවහොත් ඊට පසුව ඔවුන්ට IPL තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වුවද එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ඔවුන්ට පැය 72ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ මාලිංගට සහ ඉසුරු උදානට IPL තරඟාවලියේ ආරම්භක සතියට එක්වීමට නොහැකි වනු ඇති බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා කල් දැමූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.

අයි.පී.එල්. පාලන මණ්ඩල සභාපති බ්‍රිජේෂ් පටෙල් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව, අවසන් මහා තරඟය නොවැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත බවයි.

දින 51 ක් පුරා පැවැත්වෙන තරඟාවලිය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට සහභාගි වන කණ්ඩායම් වෙතින් මීට පෙර කරුණු විමසා තිබූ බව සඳහන්.

කල් දමන ලද අයි.පී.එල්. තරඟාවලිය මේ වසරේදීම පැවැත්වීමට තීරණය කෙරුණේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දැමීමෙන් අනතුරුවයි.

මෙවර IPL තරඟාවලිය පැවැත්වෙන්නේ 13 වැනි වරටයි.