විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්

Monday, 03 August 2020 - 19:58

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් තුනෙන් එකකට පමණ අදාළ ගාස්තු ගෙවා නොමැති හෝ පමා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සම්මේලන එකමුතුව පවසනවා.

එමගින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ කැනඩාවේ පැවති ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ අබුඩාබි ටී - ටෙන් පන්දු වාර 10යේ තරගාවලිය ඇතුළු ලීග් තරගාවලි 6කට සහභාගි වූ ක්‍රීඩකයන් රැසකට මෙලෙස අදාළ ගෙවීම් සිදුකර නොමැති බවයි.

මේ නිසා ඒසම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලීමක් කළා.