කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි

Tuesday, 04 August 2020 - 13:10

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය කල් දැමූ බව  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයද එකඟත්වය පළ කර තිබෙනවා.

කොදෙව් පිල ලබන ඔක්තෝම්බර් 6 වනදා සිට 9 වනදා දක්වා  ඕස්ට්‍රේලියාව සමඟ ක්වීන්ස්ලන්තයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහභාගිවීමට නියමිතව තිබුණා.

එහෙත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ගනු ලැබූ තීරණය සැළකිල්ලට ගෙන කොදෙව් පිලේ සංචාරයද කල් දැමීමට පියවර ගත් බවයි  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.