පාකිස්ථානය සහ එංගලන්තය පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

Saturday, 08 August 2020 - 12:52

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර, මැන්චෙස්ටර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි.

ඊයේ 3 වන දිනය අවසානයේදී දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන පාකිස්ථාන පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියා.

පාකිස්ථානය මුල් ඉනිම සදහා ලකුණු 326 ක් රැස් කළ අතර එංගලන්තය මුල් ඉනිමේදී ලකුණු 219 කට දැවී ගියා.

ඒ අනුව, පාකිස්ථාන පිල කඩුලූ 2 ක් අතැතිව දෙවන ඉනිමේ ලකුණු 244 ක් ඉදිරියෙන් සිටිනවා.