ජාතික මට්ටමේ පාපන්දු තරග ඇරඹේ

Sunday, 09 August 2020 - 13:47

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් නතරවූ මෙරට ජාතික මට්ටමේ පාපන්දු තරග මාස හයක පමණ විරාමයකින් පසු අද නැවතත් ආරම්භ වනවා.

ඒ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධාන කරන 2020 ජනාධිපති කුසලාන තරගාවලියෙන්.

දින 23 ක් තිස්සේ පැවැත්වෙන තරගාවලිය සඳහා රුපියල් මිලියන 30 ක් වෙන් කර ඇති අතර, ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් තුන්ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවනු ඇති.  

අර්ධ අවසන් පූර්ව තරග මේ මස 23 වනදා සහ 24 වනදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග 27 වනදාත්, අවසන් මහා තරගය අගෝස්තු 31 වනදාත් පැවැත්වීමට නියමිතයි.

අද සන්ධ්‍යාවේ තරගාවලිය ආරම්භ වන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සහ තුරග තරග පිටියේ පැවැත්වෙන තරග හතරකින්.

එහිදී පස්වරු 3.30 ට තරග දෙකක්ද, ස්වරු 6.30 ට විදුලි අලෝක මධ්‍යයේ තරග දෙක්ද පැවැත්වෙනවා.

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමඟ පස්වරු 3.30ට සුගතදාස පිටියේදී තරග වදින අතර, අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම ජාවාලේන් කණ්ඩායම සමඟ තුරග තරග පිටියේදී තරග වදිනවා.

පස්වරු 6.30 ට රිනවුන් පිල සහ නිව්ස්ටාර් පිල සුගතදාස ක්‍රීඩාංගණයේදී තරග වදින අතර, මාතර සිටි ක්‍රීඩා සමාජය නිව් යංග්ස් පාපන්දු සමාජය සමඟ තුරග තරග පිටියේදී තරග වැදීමට නියමිතයි.