අයි.පී.එල්. එක්සත් අරාබි එමීරයේ පැවැත්වීමට අනුමැතිය

Tuesday, 11 August 2020 - 8:41

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
මෙවර අයි.පී.එල්. තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සඳහා ඉන්දීය රජය ඊයේ අනුමැතිය ලබාදී තිබෙනවා.

තරඟාවලියේ සභාපති බ්‍රිජේෂ් පටෙල් මේ බව සනාථ කළා.

ඒ අනුව ලබන සැප්තැම්බර් 19 වන දා සිට නොවැම්බර් 10 වන දා දක්වා ඩුබායි, සාජා සහ අබුඩාබි හිදී මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත්, අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ චීන වීවෝ දුරකථන සමාගම ඉන් ඉවත්වීමත් සමඟ නව අනුග්‍රාහකයෙකු සෙවීමට අයි.පී.එල්. සංවිධායකයින්ට සිදුව තිබෙනවා.

චීන සමාගමේ අනුග්‍රාහකත්වය ඉන්දීය රුපියල් කෝටි 440ක් වන අතර නව අනුග්‍රාහකයෙකු සඳහා ඉදිරිපත් කර ඇති අවම ලංසුව ඉන්දීය රුපියල් කෝටි 300ක්.